(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා පැවති යූරෝ2020 පාපන්දු සැසියේ මාධ්‍ය හමුවට එක්වූ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, තම අසුනට ඉදිරියෙන් තබා තිබූ කෝක කෝලා බෝතල් දෙක එම ස්ථානයෙන් ඉවත්කොට එහි තිබූ වතුර බෝතලය ඔසවා “No Coca Cola, Only Water” යැයි පැවසීය.
36 හැවිරිදි රොනාල්ඩෝ හංගේරියාවට එරෙහි සිය රටේ එෆ් කාණ්ඩයේ තරඟයට පෙර සඳුදා බුඩාපෙස්ට් හි පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස කොකාකෝලා බෝතල් ඉවත්කළේය.
මෙම සිදුවීම අතිශය කුඩා සිදුවීමක් වුවත් මේ නිසා කෝක කෝලා සමාගම ඒ මොහොතේ සිට ඇමරිකානු ඩොලර් “බිලියන5.2” පාඩුවක් ලබා තිබෙනවා. ඊට අමතරව ලෝක වෙළඳ පොළේ සැළකිය යුතු ප්‍රමාණයක පසුබෑමක්ද ලබා තිබේ.
මුල්ම කාලයේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කෝක කෝලා දැන්වීමක පවා පෙනීසිට තිබුනත් දැන් ඔහු තම ශරීර සෞඛ්‍ය පවත්වාගැනීමට මෙවැනි කාබනික පාන නවතාදමා ඇති අතර ඒ වෙනුවෙන් පෙනී සිටීම පවා ප්‍රතික්ෂේප කරයි.
කෙසේ නමුත් යුරෝ 2020 පාපන්දු සැසියෙහි නිල අනුග්‍රාහකයෙකු වන කොකාකෝලා අඟහරුවාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ “සෑම කෙනෙකුටම ඔවුන්ගේ බීම මනාපයන් සඳහා විවිධ රුචි අරුචිකම් හා අවශ්‍යතා ”ඇති බවයි.
මූලාශ්‍ර – හසිත හේරත්