ලොව සුපිරි පාපන්දු ක්‍රීඩකයාගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි විමසීමක්

(කොළඹ, ලංකාපුවත්) – ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක ආර්ජන්ටිනාවේ දියේගෝ මැරඩෝනාගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි විමසීම ආරම්භ කර ඇත. එම මරණය සම්බන්ධයෙන් මේවන විට විශාල සැකයක් ඇතිව තිබීම ඊට හේතුව වේ.

මෙම සුපිරි පාපාන්දු ක්‍රීඩකයා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මරණයට පත් වූයේ පසුගිය නොවැම්බර් මස 25වනදාය. ඒවන විට ඔහු 60වැනි වියෙහි පසුවිය.

දියේගෝ මැරඩෝනා ඊට පෙර අවස්ථාවක මොලයේ ශල්‍යකර්මයකට මුහුණ දී තිබුනි. එම ශල්‍යකර්මය හා ඊට පසු ඔහුට ප්‍රතිකාර කළ ආකරය පිළිබඳ බරපතල අර්බුද හට ගෙන ඇති අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට චෝදනා එල්ල වී ඇත.

ප්‍රශ්ණ කිරීම්වලදී මැරඩෝනාට ප්‍රතිකාර කළ වෛද්‍යවරු හා අනෙකුත් සෞඛ්‍ය කාර්යා මණ්ඩල සියලු දෙනාගෙන්ම ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

යම් හෙයකින් ඒ සම්බන්ධයෙන් ඔවුන් වැරදිකරුවන් බවට පත්වුවහොත් ඔවුන්ට වසර 25ක් දක්වා සිරදඩුවම් නියම වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × three =