සියලුම දිස්ත්‍රික්කවල අහඹු PCRවලට උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් – 19 වෛරසයේ සමාජ පැතිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සියලුම දිස්ත්‍රික්කවල අහඹු පීසීආර් පරීක්ෂණ සිදුකරන්නැයි ප්‍රාදේශිය සෞඛ්‍ය අංශවලට උපදෙස් දී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, ලබන සෙනසුරාදා වනවිට වෛරසයේ සමාජය තුළ පැතිරීම පිළිබඳව අදහසක් ලබාගැනීමට හැකිවනු ඇති බවය.

ජුනි 14 වැනිදා සිදුවූ කොවිඩ් මරණ 55ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 2,315 දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + 4 =