නිර්දේශය ලැබුණු පසු ඇස්ට්‍රාසෙනෙකා ලැබූ අයට ෆයිසර් එන්නත දෙනවා – රාජ්‍ය ඇමති චන්න ජයසුමන

(කොළඹ, ලංකාපුවත්) –සෞඛ්‍ය බලධාරීන්ගෙන් ලැබෙන නිර්දේශය අනුව ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ගත් පිරිසට දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත දීමට කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

ජර්මනියේ කළ පරීක්ෂණයකට අනුව ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ මාත්‍රා දෙකම ගැනීමෙන් ලැබෙන ඵලදායිතාවට වඩා ඉහළ ඵලදායිතාවක් මෙමඟින් ලැබෙන බවට ඔප්පු කර තිබේ.

අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත මෙරටට ගෙන්වා ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව වෙනුවට මේ පරීක්ෂණය අනුව දිය හැකි අතර, සෞඛ්‍ය නිර්දේශ අනුව ඉදිරි කාලයේදී ෆයිසර් එන්නත් ගෙන්වීම සිදු කරන බවද ඇමතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *