ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය කොළඹින් හමුවෙයි – ආසාදිතයන් 05 ක්

(කොළඹ, ලංකාපුවත්) – ඩෙල්ටා (B.1.617.2) ලෙස නාමකරණය කර තිබෙන ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය මේ වනවිට මෙරටින් හමු වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

මෙම වෛරස ප්‍රභේදය මෙරට තුළ පැතිර ඇති බවට නිශ්චිතවම හඳුනාගෙන තිබෙන්නේ පළමු වරටය.

ඒ අනුව කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් ඩෙල්ටා වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් 05 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව ජීවන්දර මහතා සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙම වෛරස ප්‍රභේදය, බ්‍රිතාන්‍ය ප්‍රභේදය තරම් අධිවේගයෙන් ව්‍යාප්ත නොවන බවයි. දැනට හඳුනාගෙන ඇති පරිදි ඩෙල්ටා වෛරස ප්‍රභේදය බ්‍රිතාන්‍ය ප්‍රභේදය මෙන් 50% කට අඩු පැතිරීමේ වේගයක් සහිත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *