අද රාත්‍රී 10 සිට 25වනදා තෙක් සංචරණ සීමා

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ්-19 ව්‍යාප්තිය තවදුරටත් පාලනය කර ජන ජීවිතය යථාවත් කිරීමේ අරමුණින් අද (23) රාත්‍රී 10.00 සිට 25වනදා අලුයම 4.00 දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනවීමට පියවර ගන්නා බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

කොවිඩ් ව්‍යාප්තියේ යම් පාලනයක් සිදුව ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් ලබාදුන් වාර්තාවන් මත පදනම්ව පෙරේදා (21දා) සිට සංචරණ සීමා ලිහිල් කිරීම සිදුකළද එළඹෙන පොසොන් පෝය ඉලක්ක කර දිවයින පුරා බහුලව සංචරණයන් සහ ජනතා ඒකරාශි වීම් සිදු වීම වැළැක්වීමට මෙම තීරණය ගන්නා බවද යුද හමුදාපතිවරයා කීවේය.

ඉකුත් මැයි මස (21) සිට පසුගිය ජූනි (21) දක්වා මාසයක කාලයක් සංචරණ සීමා පැනවීමට මින් පෙර පියවර ගත් අතර එය (21) අලුයම 4.00ට ඉවත් කිරීම සිදු කළේය. කෙසේ වෙතත් දැනට සංචරණ සීමා ලිහිල් කිරීමක් සිදුකළ ද පළාත් අතර සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මකව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven − 1 =