අප්‍රේල් 14 අලුත් අවුරුද්දේ සිට ජුනි 21 දක්වා ශ්‍රී ලංකාවෙන් කොවිඩ් මරණ 2100ක්

(කොළඹ, ලංකාපුවත්) –සිංහල – දෙමළ අලුත් අවුරුද්ද සැමරූ අප්‍රේල් 14 වනදා සිට පෙරේදා, එනම් ජුනි 21 වනදා දක්වා කාල සීමාව තුළ මෙරටින් කොවිඩ් මරණ 2100ක් තහවුරු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල සංඛ්‍යාලේඛන අනුව පෙන්නුම් කෙරේ.

අප්‍රේල් 14 වනදා වනවිට මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 604ක් වූ අතර ඊයේ දිනයේ නිකුත් කළ නිල වාර්තාව අනුව ජුනි 21 වනදා වනවිට මෙරටින් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2704කි.

ඒ අනුව මෙම මරණ 2100 තහවුරු කර ඇත්තේ දින 68ක් තුළදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + 2 =