සඳහිරු සෑයේ හතරැස් කොටුවේ වැඩ නිමයි

(කොළඹ, ලංකාපුවත්) –විසි එක්වන සියවසේ ලොව ඉදි වන විශාලතම දාගැබ වන සඳහිරු සෑයේ හතරැස් කොටුවේ වැඩ අද (24), පොසොන් පොහොය දා වන විට නිමවා අවසන් වී තිබේ.

තිස්වසරක යුද්ධව නිමාකර යුද්ධයෙන් රට නිදහස් කිරීම සංකෙත්වත් කරමින් අනුරාධපුර පුදබිමේ ඉදිකරන සඳහිරු සෑයේ හතරැස් කොටුවේ වැඩ නිමා කර කොත ඉහළට ඉදිවනු හා පසෙකින් කපරාරුව නැංවෙනු දිස්වේ. වැඩ අවසන් වන විට දාගැබේ උස අඩි 282.6කි. රුවන්මැලි මහසෑයේම ආකෘතියට එහෙත් එම සෑයට වැඩා අඩි 18ක් අඩු උසකින් නිර්මාණය වන සඳහිරු සෑය විශ්කම්භයෙන් අඩි 255කි.

දාගැබ සඳහා මුල්ගල තැබුණේ 2010 නොවැම්බර් 22 වැනිදායි. ගර්භයේ ධාතු නිධාන උත්සවය භික්ෂූන් දහස් ගණනක් සහභාගී වූ රාජකීය උළෙළක් ව පැවැතියේ 2014 නොවම්බර් 23 වැනිදායි. මෙ වසරේ නොවැම්බර් මාසය වන විට හතරැස් කොටුවේ ධාතු නිධානොත්සවය වෙනුවෙන් එහි වැඩ කටයුතු කරන රණවිරුවෝ ලහිලහියේ සැරසෙති. ලබන වසරවන විට සඳහිරුසෑයේ කොතේවැඩ අවසන් වනු ඇතියි අපෙක්ෂා කෙරේ.

දාගැබට ගඩොල් කෝටි දෙකහමාරක්, අලුහුණු මෙට්‍රික්ටොන් 11165ක්, සිමෙන්ති කොට්ට 1 71000ක් සහ වැලි කියුබ් 15000ක් වැය වෙතැයි අපෙක්ෂා කෙරේ. යුද්ධයේ දී මිය ගිය 27,000ක් වූ රණවිරුවන් අතුරුදන් වූ 4500ක්, ආබාධිත වූ 37000ක් එම යුගයේ ජන නායකයන් හා ඊට කැප වූ සියලු ජනතාව සිහි කිරීම උදෙසා මෙම සෑය ඉදිකරන්නේ ඉතිහාසයේ වසර 865කට පසුවයි. මීට පෙර මහසෑයක් ඉදි වුණේ පොළොන්නරු යුගයේ දී එනම් 152-186 සමයේ මහාපරාක්‍රමබාහු රජු විසිනි. එය දෙමළ මහා සෑයයි.

මෙම සෑය සදහා බෞද්ධ සැදැහැවතුන්නේ ආධාර මුදල් හා හමුදා සාමාජිකයන්ගේ දායක මුදල් යොදා ගැනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *