දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ ධේනුවටත් කොවිඩ්

(කොළඹ, ලංකාපුවත්) – දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදනය වූ ” තෝර් ” නැමැති සිංහයාගේ ‘‘ෂීනා’’ නමැති ධේනුවටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය සහ රාගම වෛද්‍ය පීඨය කළ පරීක්ෂණවලදී මේ බව තහවුරු වී තිබේ.

එම සිංහ ධේනුවද හුදෙකලා කර ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ඇති බව, වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *