2021 රාජ්‍ය පොසොන් උත්සවය අද

(කොළඹ, ලංකාපුවත්) –සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව රාජ්‍ය පොසොන් උත්සවය සහ ආලෝක පූජාව මිහින්තලා රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් මෙවරත් සංවිධානය කරනු ලබයි.

ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ සහභාගීත්වයෙන් 2021.06.24 පොසොන් පොහෝ දින පැවැත්වෙන මෙම සංකේතාත්මක රාජ්‍ය උත්සවය සහ මිහින්තලා ආලෝක පූජාව සදහා ත්‍රෛයිනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා මාර්ගගත තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වීමට කටයුතු යොදා ඇත.

මෙවරත් රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව සිතුල්පව්ව සහ තිස්සමහාරාම රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් ද උත්සවය සංවිධානය කර ඇති අතර මෙම පූජනීය ස්ථාන වල පහසුකම් වැඩිදියුණු කිරීම සදහා සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කිරීමටද කටයුතු යොදා ඇත.

පවතින සෞඛ්‍ය අවධානම කෙරෙහි සැළකිලිමත් වෙමින් ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් පවුලේ සියලුදෙනා සමග නිවසේ සිට මෙවර පොසොන් උත්සවය සමරන ලෙස සියලු රටවාසීන්ගෙන් ඉල්ලා සිටින බවද, සියලු රාජ්‍ය සහ පුද්ගලික ආයතන හා නිවාස බෞද්ධ ප්‍රබෝධය ඇතිවන අයුරින් පොසොන් සැරසිලි වලින් අලංකාර කරන ලෙසද ශාසනාලයෙන් යුතුව වැඩිදුරටත් ඉල්ලා සිටින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *