අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන්ට ආණ්ඩුකාරවරිය ප්‍රශ්ණ පත්‍ර කට්ටල ගෙදරටම යවයි

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සදහා පාසල් නිවාඩු ලැබීම නිසා නිවෙස්වල සිටින අන්තර්ජාල පහසුකම් නොමැති සිසුන් සදහා ප්‍රශ්ණ පත්‍ර කට්ටල බෙදාදීමේ විශේෂ වැඩසටහනක් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(28) පෙරවරුවේ ත්‍රිකුණාමලය කලාප කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී කලාපයට අයත් පාසල්වල විදුහල්පතිවරුන් සහ පාසල් සංවර්ධන සමිතිවල නිළධාරින්ට ආණ්ඩුකාරවරිය අතින් ප්‍රශ්ණපත්‍ර කට්ටල බෙදාදීම සිදු වූවාය.

එහිදී ආණ්ඩුකාරවරිය කියා සිටියේ අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන් සදහා සිදු කළ මෙම ක්‍රියාදාමය අතිශය අගය කළ යුතු බවයි. එම සිසුන් අතර ද ඉගෙන ගැනීමට දක්ෂ සිසුන් අනිවාර්යෙන්ම සිටින අතර ඔවුන් ද අමතක නොකර කටයුතු කිරීම ඉතා වැදගත් බවද ආණ්ඩුකාරවරිය මෙහිදි කීවාය.

මේ අවස්ථාවට ත්‍රිකුණාමලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *