ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රභේද ගැන ජාන විශ්ලේෂණයක්

(කොළඹ, ලංකාපුවත්) –මෙරට තුළ ව්‍යාප්ත වී ඇති කොවිඩ් ප්‍රභේද පිළිබඳ සෙවීමේ ජාන විශ්ලේෂණ පර්යේෂණ කටයුතු අද (28) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතය.

වසංගත රෝග විද්‍යා ඒකකය මඟින් ලබාදෙන තොරතුරු මත එම පර්යේෂණ කටයුතු සිදුකරන බව සඳහන් වේ.

කෙසේ වෙතත් එම පර්යේෂණවල ප්‍රතිඵල දින 07 ක පමණ කාලයක් තුළ ලබාදීමට පියවර ගන්නා බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේය.

මෙරට තුළ මේ වන විට ඉන්දියාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් කිහිපදෙනෙකු හඳුනාගෙන තිබේ.

එම හඳුනාගත් ප්‍රදේශවල ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිර යන බවද වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේය.

ඩෙල්ටා ප්‍රභේදය, ඇල්ෆා ප්‍රභේදයට වඩා දෙගුණයකින් පැතිරීම වැඩි අතර එය රටතුළ පැතීරී ඇති ආකාරය පිළිබඳව සොයාබැලීමට ද එමඟින් හැකි වේ.
@@

Leave a Reply

Your email address will not be published. Required fields are marked *