චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය බෙයිජිංහිදී අභිමානවත් අයුරෙන්

(කොළඹ, ලංකාපුවත්) –චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය බෙයිජිංහිදී අභිමානවත් අයුරෙන් සැමරේ.

චීන ජනාධිපති ෂී ජින්පිං ‍ගේ ප්‍රධානත්වයෙන් එම සැමරුම් උත්සවය පැවැත්විණ. එහිදී අදහස් දැක්වූ චීන ජනාධිපතිවරයා සාමකාමී වර්ධන ක්‍රියාමාර්ගය චීනය අනුගමනය කළ යුතු බව පැවසීය.

නව ජාත්‍යන්තර සබඳතාව ස්ථාපිත කිරීම, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම හා එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල අධි ගුණයෙන් සංවර්ධනය කිරීම මගින් චීන නව සංවර්ධනයෙන් ලෝකයට නව අවස්ථා උදා කෙරේ.

චීනය මුල සිට ම ලෝක සාමය ගොඩනැගීමේ, ගෝලීය වර්ධනයට දායකත්වය දැරීමේ හා ජාත්‍යන්තර පටිපාටිය ආරක්ෂක කිරීමේ පාර්ශ්වයක් බවට පත් වෙමින් සිටින බව ෂී ජින් පිං අවධාරණය කළේය.

ගැටීම වෙනුවට සහයෝගිතාව අනුගමනය කිරීම, අවහිර කිරීම වෙනුවට විවෘතභාවය අනුගමනය කිරීම චීන කොමියුනිස්ට් පක්ෂය සිදු කරන අතර අධිපතිවාදය හා බල දේශපාලනයට චීන කොමියුනිස්ට් පක්ෂය විරෝධය පළ කරන බව ද ෂී ජින් පිං පැවසීය.

චීන ජාතිය දැඩි ජාතික අභිමානය හා විශ්වාසය සහිත ජාතියකි. ‍සෙසු රටවල ජනතාවට එරෙහිව දාමරිකකම් කිරීම, පීඩා කිරීම හා ය‍ටත් කර ගැනීම චීන ජනතාව කිසි විටෙක සිදු කර නොමැත. ඉදිරියේ දී චීන ජනතාව එවැනි දේ සිදු නොකරනු ඇති බව ද ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. එසේ ම කිසිඳු විදේශ බලවේගයකට චීන ජනතාවට දාමරිකකම් කිරීම, පීඩා කිරීම හා ය‍ටත් කර ගැනීමට අවස්ථාවක් නොමැති බවද හෙතෙම කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *