දිනකදී දුන් වැඩිම එන්නත් සංඛ්‍යාව ඊයේ

(කොළඹ, ලංකාපුවත්) –විසිහත් ලක්ෂ අසූනවදහස් පන්සිය තිස්හතකට වැඩි පිරිසකට මේ වනවිට කොවිඩ් මර්දන එන්නත ලබාදී තිබේ.

එන්නත්කරණ වැඩසටහන යටතේ දිනකදී ලබාදුන් වැඩිම එන්නත් සංඛ්‍යාව ඊයේ (30) දිනයේ දී ලබාදුන් බව වසංගත රෝග විද්‍යාං අංශය සදහන් කරයි.

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 91,759 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 79,236 දෙනෙකුට ඊයේ දිනයේ ලබාදී ඇත. ඒ අනුව ලබාදී ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව 170,995 කි.

කොවිෂීල්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව 925,242 නෙකුට ලබාදී ඇති අතර දෙවන මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 378,307 කි. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව දාහත්ලක්ෂ හතලිස්නව දහස් පන්සීය දෙනෙකුට ලබාදී තිබේ.
684,352 නෙකුට එහි දෙවන මාත්‍රාව ලබාදී ඇත.

ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව 114,795 දෙනෙකුට ලබාදී ඇති අතර දෙවන මාත්‍රාව ලබාදී ඇති සංඛ්‍යාව 14,427 කි.

කොවිඩ් – 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ වයස අවුරුදු 60 ඉක්මවු පුද්ගලයින් සඳහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ඊයේ ආරම්භ කෙරුණු අතර පළාතේ රෝහල් 45ක දී එන්නත්කරණ වැඩසටහන අද (01) යේදීත් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යංහය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *