යුපුන්ට හා නිලානිට ටෝකියෝ ඔලිම්පික් යන්න වරම්

(කොළඹ, ලංකාපුවත්) –කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගිවීම සදහා සුදුසුකම් ලබා ඇත.

ඒ මීටර් 100 ධාවන ඉසව්ව සදහායි. ඊට අදාළව ඉතාලියේ පැවැති තරගයකදී යුපුන් අබේකෝනා තත්පර 10.16ක දක්‍ෂතාවක් පෙන්නුම් කර තිබුනි.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට මීටර් 100 ධාවන ඉසව්වෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සහභාගි වීමට මෙවර අවස්ථාව හිමිව ඇත්තේ වසර 25 කට පසුවයි.

මීට පෙර 1996 වසරේ දී ඇට්ලන්ටා ඔලිම්පික් ක්‍රීඩා උළලේදී චින්තක ද සොයිසා මීටර් 100 ධාවන ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළේය.

මේ අතර නිලානි රත්නායක ද මීටර් 3000 කාන්තා බාධක දිවීමේ ඉසව්ව සදහා මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *