තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අද අලුයම බෙයිජිං නුවර සිට ශ්‍රී ලංකාවට ගෙන්වා තිබේ.

අදාළ එන්නත් මාත්‍රා තොගය අද (02) අලුයම 4.30ට චීනයේ බෙයිජිං සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් ඇත.

එම එන්නත් කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත ලොරි රථ මඟින් ප්‍රවාහනය කර තිබේ.

මේ අතර රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ, ෆයිසර් එන්නත් මාත්‍රා තොගය ලබන සඳුදා දිනයේ දී මෙරටට ලැබීමට නියමිත බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 − 3 =