විදේශගත වීමට නියමිත සිසුන්ට එන්නත්කරණ වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) –උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගතවන අයට කොවිඩ් එන්නත කඩිනමින් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

ඒ අනුව අද (02) සිට ඔවුන්ට ලියාපදිංචි විය හැකි අතර එන්නත්කරණය සම්පූර්ණ කිරීම අත්‍යවශතාවක් ලෙස දක්වා ඇති රටවල් වෙත විදෙස්ගතවීමට නියමිත සිසුන් සඳහා සයිනොෆාම් එන්නත මෙලෙස ලබා දෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

එම එන්නත්කරණය අවශ්‍ය වන සිසුන් ඒ සඳහා පූර්ණ ලියාපදිංචි වීමක් අවශ්‍ය වන අතර ඒ සඳහා අද සිට ලියාපදිංචි විය හැකි බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව www.army.lk/covid19 යන කොවිඩ් -9 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන වෙබ් අඩවියට පිවිස ලියාපදිංචිය සිදුකළ හැකි වේ.

එසේ ලියාපදිංචි වී දින 2ක් ඇතුළත කෙටි පණිවුඩයක් මඟින් එන්නත්කරණය ලබාගත යුතු දිනය, වේලාව සහ ස්ථානය අයදුම්කරු වෙත ලබා දෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *