කතරගම ඇසළ මංගල්‍යය 10වනදා සිට 23වනදා තෙක්

(කොළඹ, ලංකාපුවත්) –කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ලබන 10 වැනි සිට 23 තෙක් පැවැත්වීමට නියමිත අතර 24 දින මැණික් ගඟේ දිය කැපීමෙන් පසු අවසන් වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගිය දා කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේදි මොනරාගල දිසා ලේකම් ගුණදාස අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙවර පෙරහර සඳහා මාධ්‍ය අනුග්‍රාහකත්වය ලේක්හවුස් ආයතනය මඟින් ලබා දීමට නියමිතය. මෙවර ඇසළ උත්සවය සදහා නැටුම් කණ්ඩායම් 05 ක් පමණ සහභාගී කර ගැනීම සිදු කරන අතර මෙම නැටුම් කණ්ඩයම් පෙරහැරට පෙර පී සී ආර් පරික්ෂණයකට ලක් කර නිරෝධානය කර පෙරහරට එක් කිරීම සිදු කරන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා එහිදී පැවැසීය.

මෙවර පාද යාත්‍රා වන්දනා ගමන ද නොපැවැත්වෙන අතර ඇසළ පෙරහර නිවෙසේ සිට ජනයාට නැරඹිීමට හැකි ලෙස සියලුම රුපවාහිනි නාලිකාවල සජිවිව විකාශනය කිරීම පිණිස කටයුතු කර ඇති බව බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා කීවේය.

මෙයට අමතරව දේවාලයේ රාජකාරි පිරිස් සහ කපුමහතුන් ද දැඩි සෞඛ්‍ය පරික්ෂණ වලට ලක් කර හුදෙකලා කර බැතිමතුන්ගෙන් තෙරව චාරිත්‍ර වලට පමණක් සීමා කරමින් පෙරහැර පවත්වන ලෙස ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක චාමිනි සේනානායක මහත්මිය උපදෙස් දුන්නාය. කතරගම දේවාලයට වී සහල් සහ විවිධ ද්‍රව්‍ය ලබා දෙන බැතිමතුන් වෙනුවෙන් දේවාලයට අයත් විශ්‍රාමශාලවේ ස්ථානයක් සකස් කර මෙම පුජා ද්‍රව්‍ය ලබා ගැනීමට කටයුතු සිදු කිරීම සිදු වේ. රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රි අභිනවාරාම විහාරාධිපති ශ්‍රාස්ත්‍රපති කපුගම සරණතිස්ස හිමියන් අදහස් දක්වමින් පැවසුවේ කතරගම ඇසළ පෙරහර කෙටි ත්‍රස්තවාදි සමයේ දි පවා පැවැත්වූ නමුත් අද නොපෙනෙන බලවේගයක් සමඟ සටන් කරන්නට සිදු වීම නිසා දැඩි ලෙස සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට සිදු ව තිබෙන බවයි. කතරගම දේවාලයට වසරකට වරක් පැමිණෙන බැතිමතුන් අලුත් වී සහල් නිවසේ තබා ගෙන සිටින බැතිමතුන් වෙනුවෙන් දිවා කාලයේ දීවත් පැමිණ පුජාවන් තැබීම අවස්ථාවක් ලබා දෙන ලෙස සෞඛ්‍ය බලධාරින්ගේ ඉල්ලා සිටින බව ද සඳහන් කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 + eighteen =