විදෙස් ක්‍රීඩකයින් පිරිසක් ලංකා ප්‍රීමියර් ලීග් සඳහා ලියාපදිංචි වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය (LPL) සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්, ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ බෙන් කටින් සහ ජේම්ස් ෆොල්ක්නර් මෙන්ම දකුණු අප්‍රිකානු විස්සයි විස්ස සහ එක්දින නායක ටෙම්බා බවුමා ලියාපදිංචි වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඊට අමතරව මිචෙල් මැක්ලෙනගන්, නිකොලස් පූරන්, මොහොමඩ් මහමදුල්ලා, රවී රම්පෝල්, කැලම් ෆර්ගසන් ඇතුළු විදේශීය ක්‍රීඩකයින් කිහිප දෙනෙකුද මේ වනවිට ලියාපදිංචි වී ඇති බවයි.

ලබන ජූලි මස 30 සිට අගෝස්තු 22 දක්වා පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට පෙර පරිදිම කණ්ඩායම් පහක් සහභාගි කරගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවින් වික්‍රමරත්න මහතා කියා සිටියේ “පසුගිය වසරේ සාර්ථකත්වය සමඟ නිසැකවම ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් බොහොමයක ක්‍රීඩකයින් එල්පීඑල් හි ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අතර එය ලීගයට සහ ශ්‍රී ලංකාවට ඉතා හොඳ සලකුණක්.” යනුවෙනි.

ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය -2 සඳහා ලියාපදිංචි වී ඇති තවත් ජාත්‍යන්තර ක්‍රීඩකයින්:

Bangladesh: Tamim Iqbal, Mehdy Hasan Miraz, Taskin Ahmed, Liton Das & Soumya Sarkar

Australia: Usman Khawaja, Ben Dunk & Callum Ferguson

West Indies: Sheldon Cottrell, Rayad Emrit, Ravi Rampaul, Dwayne Smith, Denesh Ramdin, Johnson Charles & Rowman Powell

Pakistan: Haris Sohail, Waqas Maqsood, Muhammed Hasnain, Mohammed Irfan, Shoaib Maqsood, Shan Masood, Anwar Ali & Ammad Butt

South Africa: Rilee Rossouw, David Wiese, Jon Jon Trevor Smuts, Morne Morkel, Rassie Van Der Dussen, Keshav Maharaj, Tabraiz Shamsi & Hardus Viljoen

Afghanistan: Asghar Afghan, Mohammed Shahzad, Najibullah Zadran, Naveen Ul Haq, Usman Shinwari, Rahmanullah Gurbaz, Hazratullah Zazai, Naveen ul Haq & Qais Ahmad

Leave a Reply

Your email address will not be published. Required fields are marked *