පළමු වරට ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –පළමු වරට ෆයිසර් කොරෝනා මර්දන එන්නත් මාත්‍ර 26,000 ක් අද(05) උදෑසන දිවයිනට ලැබී ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

අමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත මෙම ෆයිසර් එන්නත දකුණු ආසියානු කලාපයේ රටකට ලැබුණු ප්‍රථම අවස්ථාව මෙයයි.සෙල්සියස් අංශක ඍණ 70 පමණ උෂ්ණත්වයේ ගබඩා කලයුතු හෙයින් එන්නත් කටුනායක ගුවන් තොටුපොළේ සිට කෙලින්ම නාරාහේන්පිට මධ්‍යම රුධිර බැංකුව වෙත ගෙන යන ලදි.

ශ්‍රී ලංකාව ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 5ක් ලබා ගැනීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 − 2 =