ලොව පුරා කොවිඩ් මරණ සංඛ්‍යාව හතලිස් ලක්ෂය ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) –ඊයේ(05) දිනය තුළ ලොව පුරා කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනය වූවන් 3 ලක්ෂ 32 දහස් 406 ක් වාර්තා වී තිබේ.

වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වේ . 34 දහස් 67 ක් ලෙස එය සටහන් වෙයි. බ්‍රසීලයෙන් ආසාදිතයන් 22 දහස් 703 ක් ද රුසියාවෙන් ආසාදිතයන් 24 දහස් 353 ක් ද යුක්රේනයෙන් ආසාදිතයන් 27 දහස් 334 ක් ද කොලොම්බියාවෙන් ආසාදිතයන් 25 දහස් 366 ක් ද ඊයේ දිනය තුළ වාර්තා වී ඇත.

එම කාලය තුළ ලොව පුරා වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ 5880 ත් සමග සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 40 ලක්ෂය ඉක්මවා තිබේ.

වැඩිම මරණ සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වී ඇති අතර 06 ලක්ෂ 21 දහස් 324 ක් ලෙස එය සටහන් වෙයි.

ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4 ලක්ෂ 3 දහස් 310 කි. බ්‍රසිලයෙන් කොවිඩ් ආසාදිත මරණ 5 ලක්ෂ 25 දහස් 229 ක් වාර්තා වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *