හිස්වුණු මන්ත්‍රිධුරයට බැසිල්ගේ නම මැතිවරණ කොමිසමට

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වු ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයට බැසිල් රාජපක්ෂ මහතා නම් කිරීමට අදාළ ලිපි ලෙඛණ මැතිවරණ කොමිසමට අද(06) පස්වරුවේ භාරදී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ජයන්ත කැටගොඩ මහතා තමන් පාර්ලිමේන්තු මන්ත්‍රිධුරයෙන් ඉල්ලා අස්වන බව ලිඛිතව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වෙත දැනුම් දුන්නේය.

එමගින් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා නම් කිරීමට අදාළ ලිපි ලේඛණ එම පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙන් මැතිවරණ කොමිසම වෙත භාර දීම සිදුවිය.

බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයට නම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම හෙට පෙරවරු 9.00ට රැස්වීමට නියමිතය.

ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස බැසිල් රාජපක්ෂ මහතාගේ නම ගැසට්කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *