උතුරුමැද විසිතුරු මත්ස්‍ය නිෂ්පාදකයින්ට රු. ලක්ෂ 200ක්

උතුරු මැද පළාතේ සිටින මත්ස්‍ය නිෂ්පාදකයින් දිරි ගැන්වීමේ අරමුණින් එම නිෂ්පාදකයින් හට අත්‍ය අවශ්‍ය සිමින්ති ටැංකි සහ විසිතුරු මසුන් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 200 ක ආධාර මුදලක් ලබා දීමට කටයුතු කරන බව පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පැවැසීය.

ඒ අනුව ඊයේ(03)උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී මත්ස්‍ය නිෂ්පාදකයින් 95 දෙනෙකු සඳහා රුපියල් 100,000ක ආධාර මුදලක් ලබාදීම පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

උතුරු මැද පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය හා පළාත් ධීවර දෙපාර්තමේන්තුව මගින් මෙම වැඩ සටහන සංවිධාන කර තිබුණි. මේ වන විට උතුරු මැද පළාතේ විසිතුරු මත්ස්‍ය නිෂ්පාදකයින් 190 දෙනෙකු සිටි. එම සියලු දෙනාටම මෙම අධාරය ලබා දීමට නියමිතය.

මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර, ආණ්ඩුකාර ලේකම් පී.එස්. විමලවීර, පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රන්ජ්න් ප්‍රෙමනාත් ඇතුළු කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිළධාරීන් සහ විසිතුරු මත්ස්‍ය නිෂ්පාදකයින් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *