එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචරණ තහනම ලිහිල් කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව ඇතුඵ රටවල් 06කට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පනවා තිබූ සංචරණ තහනම ලිහිල් කරමින් එම අදාල රටවල්වල සුදුසුකම් ලත් මගීන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුල්වීමට සහ ඒ හරහා යෑමට අවසර ලබාදී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව, පාකිස්තානය, ඉන්දියාව, නයිජීරියාව, නේපාලය සහ උගන්ඩාව ඇතුඵ රටවල්වල පුද්ගලයන්ට ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළල්වීමට සහ ඒ හරහා යෑමට අවස්ථාව හිමිවේ.

එම රටවල්වලින් පැමිණෙන අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති මගීන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීමට හෝ ඒ හරහා යෑමට අවසර ලැබෙයි.

එසේ පැමිණෙන මගීන් එරටට ඇතුළත්වීම සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්කළ යුතු අතර අදාළ මගියා පිටත්වීමට පැය 48කට පෙර ලබාගත් පීසීආර් වාර්තාවක් ඉදිරිපත්කළ යුතුය.

මෙම සංචරණ තහනම ලිහිල් කිරීමේ තීරණය හෙට (05) සිට ක්‍රියාත්මක කෙරේ.
@@

Leave a Reply

Your email address will not be published. Required fields are marked *