ජනාධිපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණියේය.

අද ‍පෙරවරු 11.15 ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි ජනාධිපතිතුමා පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපසදී පිළිගෙන සභා ගර්භය වෙත කැඳවාගෙන එන ලද්දේ සභානායක සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන්වන කංචන විජේසේකර සහ ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන් විසිනි.

අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරටුකොටගෙන ජනාධිපතිතුමා සභා ගර්භය වෙත පිවිසියේය.

සභා ගර්භය තුළදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් විසින් අසන ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ලබාදෙන අවස්ථාවට සහභාගීවූ ජනාධිපතිතුමා මධ්‍යහ්න 12.00 පමණ වන තෙක් සභා ගර්භය තුළ රැඳී සිටියේය.

සභා ගර්භය තුළ සිටින කාලය තුළදී එතුමා අග්‍රාමාත්‍යතුමා, සභානායකතුමා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමග දීර්ඝ වේලාවක් කථාබස් කරමින් සිටිනු දක්නට හැකිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *