මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත කඩිනම්න් පාර්ලිමෙන්තුවට

(කොළඹ, ලංකාපුවත්) –දරිද්‍රතාවයෙන් පෙළෙන ග්‍රාමීය ජනයා ඉලක්ක ගතව මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ණය ගනුදෙණු වලදී සිදුවන අක්‍රමිකතා පිළිබඳ බලධාරින් දැණුවත් කිරීමට “නව ක්ෂුද්‍ර මූල්‍ය සහය ඇමතුම් ” ක්‍රමවේදයක් හදුන්වා දුන් බවත් කඩිනමින් ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පාර්ලිමෙන්තුවට හදුන්වාදීමට කටයුතු කරන බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂ්ද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ඊයේ (03) සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති නව ක්ෂුද්‍ර මූල්‍ය සහය ඇමතුම් ” අංකය හදුන්වා දීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා එසේ කීය.

ලංකා ක්ෂුද්‍ර මූල්‍ය නියුක්තිකයන්ගේ සංගමය විසින් මෙම අවස්ථාව සංවිධානය කර තිබුණි.

එම අවස්ථාව සඳහා සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් නීල් බංඩාර හපුහින්න මහතා, අතිරේක ලේකම් සී.ඩී කළුආරච්චි මහතා , ශ්‍රී ලංකා මහ බැංකු නියෝජිත ජේ.පී.ආර් කරුණාරත්න මහතා, සහ ක්ෂුද්‍ර මූල්‍ය නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති අනුර අතපත්තු මහතා ප්‍රමුඛ කාර්යය මණ්ඩලය සහභාගි වූහ.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා,

අපේ රටේ ප්‍රාග්ධනය සොයා ගැනීමට අපහසු ග්‍රාමීය, අඩු ආදියම් ලාභි, දුප්පත් ජනතාවට , විවිධ විකල්ප ක්‍රම භාවිතා කරමින් ණය සැපයීම සිදු කිරීමයි ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වල අරමුණ. මේ වටා මේ වන විට අපේ රටේ මිලියන දෙකකට වැඩි සාමාජික පිරිසක් ඒක රාශි වෙලා ණය පහසුකම් ලබා ගන්නා බව අපි දන්නවා. මේ අයට විවිධ අපහසුතා වලට පත් වීමට මීට පෙර සිදු වුණ අවස්ථා අපි මාධ්‍ය හරහා දැක්කා. විවිධ පැමිණිලි අපට ලැබුණා. අති ගරු ජනාධිපතිතුමා මේ පිළිබඳ අවධානය යොමු කළා. ඒ අනුව විනිවිධ පෙනෙන තත්ත්වයට ගෙන ඒමට මෙම ආයතන රජයක් ලෙස අපි නිතී රාමු ගෙන එමින් සිටිනවා.

මේ වන විට 2016 අංක 06 දරණ ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධව පනතක් මෙරට ක්‍රියාත්මක වෙනවා. එහි අභ්‍යන්තරය තුළ මේ වන විට ගැටළු මතුව තිබෙනවා. ඒ වගේම ග්‍රාමීය ජනයා වෙත මෙම ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ණය ලබා ගැනීමේදී ලබා දෙන ගිවිසුම් පත්‍ර ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සකසා තිබීම තුළින් ග්‍රාමීය ජනයාට ලබා ගන්නා ණය සඳහා ඔවුනට ගෙවීමට සිදු වන පොලිය පළිබඳව නිසි අවබෝධයක් තිබුණේ නෑ. මෙවැනි අඩු පාඩු හදුනාගෙන විධිමත් ක්‍රමවේදයකින් මෙම ණය ලබා දීමේ අරමුණින් ලංකා ක්ෂුද්‍ර මූල්‍ය නියුක්තිකයන්ගේ සංගමය විසින් අද වන විට ක්ෂුද්‍ර මූල්‍ය සහය ඇමතුම් අංකයක් ලෙස 071 832 0000 අංකය හදුන්වා දී තිබෙනවා. අපි ඒ පිළිබඳ සතුටු වෙනවා.
අපි මෙහි පවතින තවත් හදුනාගත් අඩු පාඩු රාශියක් මග හරවා දීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පාර්ලිමෙන්තුවට හදුන්වාදීමට කඩ්නමින් කටයුතු කරනවා.

මෙරට අහිංසක ජනතාවට කිසිදු අයුරකින් , හේතුවකින් අසාධාරණයක් සිදු වීමට හිඩ තියන්න වත්මන් රජය සූදානම් නෑ. අපි සතුටු වෙනවා මෙම ක්ෂුද්‍ර මුල්‍ය ආයතන නව දැක්මකින් වත්මන් රජයේ තීන්දු තීරණ සමග කටයුකු කිරීමට පෙළ ගැසීම සම්බන්ධව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *