කොවිඩ් එන්නත්කරණ කාඩ් පත ළඟ තබා ගැනීම අනිවාර්යයි

(කොළඹ, ලංකාපුවත්) – එන්නත් කිරීමෙන් පසුව පුද්ගලයන් වෙත නිකුත් කරන කාඩ්පත සෑම අවස්ථාවකම ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීමට යයි.

ඒ සම්බන්ධයෙන් මේ වන විට අදාළ සියලු අංශ සමඟ සාකච්ඡා කර අවසන් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොවිඩ් එන්නත්කරණය අනිවාර්ය කර ඇති තත්ත්වයක, එන්නත් ලබාගැනීම ඇතැම් පුද්ගලයන් විසින් ප්‍රතික්ෂේප කරන බවද වාර්තා වන බවත් එම පුද්ගලයන් එන්නත් ලබා ගැනීමට උනන්දු කරවීම මෙහි එක් අරමුණක් බවත් හෙතෙම පවසයි. මෙම තීරණය ක්‍රියාත්මක වුවහොත් පුද්ගලයකු නිවසින් පිටතට ගමන් කරන අවස්ථාවලදී එන්නත් කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය වනු ඇති බවත් ඒ මහතා කියයි. පොදු ප්‍රවාහනය භාවිත කිරීමේදී මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට ඇතුළුවීමේදී කාඩ්පත පරීක්ෂා කිරීම ද මේ අනුව සිදු කෙරෙන අතර කාඩ්පත නොමැති පුද්ගලයන්ට අදාළ ස්ථානවලට ඇතුළුවීමට අවකාශ නොලැබෙනු ඇති බවද කියයි.

මේ නිසා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත්කරණය සිදු කරන ආසන්නතම මධ්‍යස්ථානයකින් එන්නත ලබා ගන්නා ලෙස ද හමුදාපතිවරයා මහජනතාවට දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 3 =