දිස්ත්‍රික්ක 09ක ඩෙංගු අධිඅවදානම් තත්ත්වයක්

(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 9 ක් හඳුනා ගෙන ඇතැයි, සෞඛ්‍යය අමාත්‍යාංශය පවසයි.

එම දිස්ත්‍රික්ක වන්නේ, කොළඹ, ගම්පහ, කළුතර , කුරුණෑගල, මහනුවර, මාතර , රත්නපුර, කෑගල්ල, ගාල්ල යන දිස්ත්‍රික්කයි.

ජලය ඇති ස්ථානවල මදුරු කීටයන් හඳුනා ගැනීම සඳහා පොලිස් නිල සුනඛයින් දෙදෙනෙකු පුහුණු කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේ , ඩෙංගු මර්දනය සඳහා සෞඛ්‍ය බළධාරින් කරන කටයුතු වලට පොලිස් නිල සුනඛයින් ද , දායක කර ගැනීමට අපේක්ෂා කරන බවයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය හිමාලි හේරත් මහත්මිය පැවසුවේ, පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැඩි අවදානයකින් යුතුව කටයුතු කළ යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *