නුවරඑළියේ එළවළු අඛණ්ඩව රට පුරා බෙදා හැරීමේ වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) –පවත්නා කොවිඩ් 19 වසංගතය තත්ත්වය හමුවේ රටේ නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබුනද නුවරඑළිය ගොවි ජනතාවගේ නිෂ්පාදන බාදාවකින් තොරව රට පුරා බෙදාහැරීම සඳහා නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය මගින් වැඩපිළිවෙලක් සකසා ඇති බව දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි.

ඒ අනුව පසුගියදා උඩරට එළවළු කිලෝ එක්ලක්ෂ පනස්දහසකට වැඩි ප්‍රමාණයක් දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදා හැරීම සිදුකර ඇති බවත්, මේ දිනවලත් එවැනීම ප්‍රමාණයක් බෙදාහාරීමට හැකිවනු ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් පැවසීය.

දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් සඳහන් කලේ ඉදිරියෙ දි ද ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීම සඳහා රජය දෙන උපදෙස්වලට අනුව කටයුතු කරමින් අඛණ්ඩව එළවළු බෙදාහැරීම සිදු කිරීමට කටයුතු කරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *