ෆ්ලෝරා මේද තැවරුම ; සෞඛ්‍යමත් සහ සුවපත් ලෝකයක් වෙනුවෙන් හොඳම තේරීම

දශක ගණනාවක් තිස්සේ බොහෝ දෙනාගේ විවාදයට තුඩු දී ඇති උණුසුම් මාතෘකාවක් ලෙස බටර් වැනි කිරි නිෂ්පාදන සහ ශාක පදනම් කරගත් මේද තැවරුම් අතර ඇති කතා බහ සඳහන් කළ හැකිය. එය එසේ වුවද ෆ්ලෝරා වැනි ශාක පදනම් කරගත් මේද තැවරුම් සෞඛ්යයෙන් පිරිපුන් පෝෂ්යදායී තේරීමක් ලෙස ඉහළ පිළිගැනීමක් හිමිවී ඇත.

පළමුව, අපි විවිධ මේද වර්ග හදුනා ගනිමු:
• ශරීරයට හිතකර මේද, අසංතෘප්ත මේද ලෙස හඳුන්වන අතර එය වැඩිපුර ආහාරයට ගැනීම අපගේ සෞඛ්‍යයට ඉතාමත් වැදගත් වේ.
• සංතෘප්ත මේදය අයහපත් මේද ලෙස හැදින්විය හැකි අතර අපි එම මේද පාලනයකින් යුතුව පරිභෝජනය කල යුතු වේ.
• ට්‍රාන්ස් මේදය හැකිතාක් අඩුවෙන් පරිභෝජනය කල යුතු අතර මෙය ශරීරයට අහිතකර මේද ප්‍රභේදයක් වේ.

ෆ්ලෝරා මේද තැවරුම් බටර් වැනි කිරි නිෂ්පාදන වලට වඩා හොඳ තේරීමක් වන්නේ ඇයි?

ශාක මත පදනම් වූ මේද තැවරුම් ප්‍රධාන වශයෙන් නිපදවා ඇත්තේ ශාක තෙල් මගින් වන බැවින් ඒ තුල ට්‍රාන්ස් මේද නිෂ්පාදනය නොවීම විශේෂත්වයකි. ශාක තෙල් මගින් නිපදවන ෆ්ලෝරා වැනි මේද තැවරුම් සහ වෙනත් මාගරින් නිපදවනු ලබන්නේ ට්‍රාන්ස් මේද සෑදීම වලක්වනු ලබන පූර්ණ හයිඩ්‍රජන්කරණ හෝ interesterification යන ක්‍රියාවලි මගිනි. නමුත්, එළකිරි වලින් සාදන ලද බටර් වල ට්‍රාන්ස් මේද අඩංගු වේ. 2021 වසරේ එක්සත් රාජධානියේ රජයේ ආහාර සංයුතිය පිළිබඳ සංයුක්ත දත්ත එකතුවෙහි (CoFID) තොරතුරු වලට අනුව සහ 2019 එක්සත් රාජධානියේ රජයේ පෝෂණ පිළිබඳ විද්‍යාත්මක උපදේශන කමිටුව (SACN) පවසන පරිදි; කිරි නිෂ්පාදනයක් වන බටර්හි 3%ක ට්රාන්ස් මේද ප්රමාණයක් අඩංගු වන අතර එම මේද එළදෙනුන්ගේ ශරීර තුළ නිෂ්පාදනය වේ. එමගින් අහිතකර කොලෙස්ටරෝල් (එල්.ඩී. එල්) මට්ටම ඉහළ නැංවිය හැකිය. ඒ අනුව කොලෙස්ටරෝල් නිපදවෙන්නේ නැති ශාක තෙල් වලින් සාදන ලද ෆ්ලෝරා මේද තැවරුම සෞඛ්‍යයට යහපත් ය.

සංතෘප්ත මේද තුලින් ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම් වැඩි කිරීමේ අවදානමක් පවතින බැවින් එය සිමා සහිතව පරිභෝජනය කිරීම හොඳ පුරුද්දකි. ශාක පදනම් කරගත් ෆ්ලෝරා වැනි මේද තැවරුම් සැලකීමේදී එහි අන්තර්ගත සංතෘප්ත මේද බටර්වලට වඩා 60%කින් අඩු වන අතර එය අපගේ සෞඛ්‍යයට වඩා හොඳ විකල්පයකි.

බටර් වල අසංතෘප්ත මේද අඩංගු නොවේ. නමුත් සූරියකාන්ත, කැනෝලා බීජ, අලිගැට පේර වැනි ශාක පදනම් කරගත් මේද තුල ඔමේගා 3 සහ 6 වැනි අසංතෘප්ත මේද අම්ල බහුලව පවතී. අපගේ ශරීරය තුළ ස්වභාවිකව නිපදවිය නොහැකි අත්‍යවශ්‍ය මේද අම්ල වන ඔමේගා 3 සහ 6 අපට ආහාර මගින් ලබා ගත හැකිය. ෆ්ලෝරා මේද තැවරුම් ප්‍රධාන වශයෙන් සෑදී ඇත්තේ සූරියකාන්ත සහ කැනෝලා තෙල් වලින් වන අතර ඔමේගා 3 සහ 6 වලින් පිරී ඇත. ඔමේගා 3 සහ 6 ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම් පාලනය කිරීමට උපකාරී වේ.

ෆ්ලෝරා ශරීරයට අත්යාවශ්ය විටමින් A, D සහ E යන සංඝටකයන්ගෙන් සමන්විත වේ. විටමින් A සහ D පුද්ගලයකුගේ ප්රතිශක්තිකරණයට උපකරී වන අතර ඇස් පෙනීම හා දන්ත සෞඛ්ය රැකගැනීමට අත්යවශ්ය වේ. මිට අමතරව අස්ථි හා මාංශ පේශි වර්ධනයට හා ක්රියාකාරිත්වයට විටමින් A සහ D බෙහෙවින් වැදගත් වේ. විටමින් E නිරෝගී සමක් පවත්වා ගැනීමට උපකරී වේ. ෆ්ලොරා එක් පිළිගැන්විමක් දෛනික විටමින් A, D සහ E අවශ්යතාවයන්ගෙන් 33% ක පමණ ප්රතිශතයක් ලබා දේ. ඒ අනුව බටර් හා සැසදීමේදී ෆ්ලොර වඩාත් පෝෂ්යදායී , සෞඛ්ය සම්පන්න විකල්පයක් බවට පිළිගත හැකි වේ. ෆ්ලොරා දෛනික ආහාරවේලක කොටසක් බවට පත් කර ගැනීම තුළින් අත්යවශ්ය මේද ලබාගැනීමේ ආරක්ෂිත ප්රභවයක් ලෙස මෙය හැදින්විය හැකි වේ.

තිරසාර ලෝකයක් නිර්මාණ කිරීම වෙනුවෙන් ශාක පදනම් කරගත් ආහාර විශාල දායකත්වයක් ලබා දේ. විශේෂයෙන්ම මෙහිදී සත්ව නිෂ්පාදනයන් හා සැසදීමෙදී ශාක පදනම් කරගත් නිෂ්පාදන භූමිය, ජලය හා ඉන්ධන ඉතාමත් වගකීමෙන් හා කාර්යක්ෂමතාවයෙන් යුතුව භාවිත කරයි. වායු ගෝලයේ පවතින කාබන්ඩයෝක්සයිඩ් කාලගුණික විපර්යාසයන් කෙරෙහි බලපායි. අප්ෆීල්ඩ් නිෂ්පාදනයක් වන ෆ්ලෝරා මේද තැවරුම, බටර් නිෂ්පාදනය හා සැසදීමේදී සිදු වන කාබන් විමෝචනය 70% ක් පමණ අඩු කරයි. මිට අමතරව බටර් නිෂ්පාදනයෙදී සිදුවන හරිතාගාර වායු විමෝචනය, භුමි හා ජල පරිභෝජනය හා සැසදීමේදී ද ෆ්ලොර යහපත් විකල්පයක් ලෙස ඉදිරියෙන් සිටි. බටර් නිෂ්පාදනය හා සැසදීමේදී හරිතාගාර වායු විමෝචනය 9kg කින් අඩු අතර භුමි පරිභෝජනය වසරකට 2/3 ක්, 8m2 අඩුවෙන් භාවිතා කරයි. එමෙන්ම ජලය ලීටර් 100 ක් අඩුවෙන් භාවිතා කරයි.

වගකීම් සහගත පාරිභෝගිකයෙකු වශයෙන් නිවැරදි තේරීමක් කරන්න. බටර් හා සැසදීමේදී ෆ්ලෝරා සෞඛ්ය සම්පන්න බැවින් පෙරමුණේ සිටි. තිරසාර ලෝකයක් හෙට දවස වෙනුවෙන් දායාද කිරීම වෙනුවෙන් හොඳම තෝරා ගැනීම ද ෆ්ලොර වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *