කොවිඩ්වලින් පීඩාවට පත් වූවන්ගේ ණය සහන දෙසැම්බරය දක්වා

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා සලසා ඇති ණය සහන එළැඹෙන දෙසැම්බර් මස 31 දා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු සහ බලපත්‍රලාභි විශේෂිත බැංකු ‌වෙත නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

කොවිඩ් වසංගත තත්ත්වයේ නව ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් බොහෝ පාර්ශ්වයන්ගේ ඉල්ලීම් සලකා බැලීමෙන් පසු මේ දීර්ඝ කිරීම කළ බව එම බැංකුව සඳහන් කරයි.

මේ අතර වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා බලපත්‍රලාභි බැංකු විසින් ඔවුන්ගේ ඉල්ලීම පරිදි දෙන ණය සහන මේ නවතම චක්‍රලේඛය යටතේ දෙන ප්‍රතිලාභවලට වඩා අඩු නොවන පරිදි අතිරේක සහන සැලසිය හැකි බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *