(කොළඹ, ලංකාපුවත්) –නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ කාරුණික ඉල්ලීම මත අතිපූජ්‍ය බෙන්ගමුවේ නාලක හිමියන්ගේ මැදිහත්වීමෙන් බුද්ධ ශාසන අමාත්‍යංශය හා සීවලී පදනම එක්වීමෙන් “සිලෝන් ග්‍රීන් ආයුර්වේද සමාගම” විසින් ලබාදුන් දේශිය ඖෂධ තොගය ආණ්ඩුකාර ලේකම් කාර්යාලය වෙත ප්රදානය කිරීම අද(09) පෙරවරුවේ සිදුවිය.
මේ සදහා වැයවී ඇති මුදල රුපියල් මිලියන 40කි. කොරෝනා රෝගයෙන් වැළකිම සඳහා මෙම ඖෂධ තොගය නැගෙනහිර පළාතේ විහාරස්ථානවල සහ ආරාමවල වැඩ වසන ස්වාමීන් වහන්සේලාට සහ සිල්මැණිවරුන්ට පුජා කිරීම ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.
ඖෂධ ප්රදානය කිරීමේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී.වනිගසිංහ මහතා සහ සිලෝන් ග්‍රීන් ආයුර්වේද සමාගමේ නියෝජිතයන් එක් වූහ.