චරිත් අසලංක පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

(කොළඹ, ලංකාපුවත්) – දකුණු අප්‍රිකාණු කණ්ඩායම සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ චරිත් අසලංක ෂක්‍ක්‍ එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරිම්වල ඉදිරියට පැමිණ තිබේ.

දකුණු අප්‍රිකාව සමඟ පැවති එක්දින තරඟාවලියේදී අර්ධ ශතක දෙකක් සමඟින් ඔහු රැස් කළ මුළු ලකුණු සංඛ්‍යාව 196 කි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පිතිකරු එක්දින ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් 41 වන ස්ථානයේ රැදී සිටියි.

නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ධනංජය ද සිල්වා පිතිකරු ලැයිස්තුවේ 71 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර මීට පෙර ඔහුට හිමිව තිබුණේ 74 වන ස්ථානයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *