LMD සඟරාවෙහි වඩාත් ගෞරවනීය ආයතන ලැයිස්තුවට INSEE සිමෙන්ති සමාගම එක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –මෙරට ප්‍රමුඛතම සහ එකම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම, ලොව සුප්‍රකට LMD සඟරාවේ 2021 වසරට අදාළ ප්‍රකාශනය මගින් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය ආයතන අතරට ශ්‍රේණිගතකර තිබේ.

ගෝලීය වශයෙන් කීර්තිමත් නීල්සන් සමීක්ෂණ ආයතනය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ, කළමනාකරණ සහ ඉන් ඉහළ ශ්‍රේණිවල වෘත්තිකයින් 800 දෙනෙකු සම්බන්ධ කරගනිමින් සිදු කළ සමීක්ෂණයක් මගින් මෙම ශ්‍රේණිගත කිරීම සිදුකොට ඇත. මෙහිදී දුරකථන සාකච්ඡා ඔස්සේ දත්ත රැස්කිරීම සිදු කෙරුණු අතර, එහි දී සමීක්ෂණයට සහභාගි කරගත් සෑම වෘත්තිකයෙකුට ම ඔවුන්ගේ තේරීමට අනුව මෙරට ඉහළම සමාගම් 3ක් නම්කිරීම සඳහා අවස්ථාව ලබා දුන් අතර, එහිදී ඔවුන් බහුතරයක් ISEE සිමෙන්ති නාමය සඳහන් කිරීම විශේෂිතය. ශ්‍රී ලංකාවේ ආයතනික අංශය තුළ ඉතාමත් කීර්තිමත් ඇගයීමක් වන මෙම ශ්‍රේණිගත කිරීම, INSEE සිමෙන්ති සමාගම මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ අත්පත්කරගෙන සිටින සුවිශේෂී ස්ථානය තහවුරු කරයි.

INSEE සිමෙන්ති සමාගමේ විධායක උප සභාපති (විකුණුම්, අලෙවිකරණ සහ නවෝත්පාදන) යාන් කුනිග් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනයක් විදියට පිළිගැනීමට ලක්වීම උසස් තත්ත්වයෙන් යුක්ත, තිරසාර සහ විශ්වසනීය සේවාවක් ලබා දීම සඳහා අප සිදුකරන කැපවීම්වලට ඉතා හොඳ සාක්ෂියක්. මෙය තිරසාර ඉදිකිරීම් ක්‍රමවේදයන්, නිසි අපද්‍රව්‍ය කළමනාකරණය වගේ ම අනාගත අවශ්‍යතා සපුරාලීම සඳහා නව ඩිජිටල් සේවාවන් හඳුන්වාදෙමින් රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය මෙහෙයවීම සඳහා අප ලැබූ ඇගයීමක් විදියට මම දකිනවා. අපගේ පාර්ශවකරුවන් මෙම ජයග්‍රහණයේ පුරෝගාමී කොටස්කරුවන් විදියට හඳුන්වාදීමට මම කැමතියි. විශිෂ්ටත්වය සහ ගුණාත්මකභාවය ඉලක්ක කර ගනිමින්, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්ත, තිරසාර නිෂ්පාදන ලබාදෙන නිසා ම මේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වීමට අපට හැකියාව ලැබී තිබෙනවා. අපට මෙම ජයග්‍රහණය ලබා ගැනීමට සහය වූ සැමදෙනාට වගේ ම, මෙම ඇගයීම ලබා දුන් LMD ආයතනයටත් මගේ ස්තුතිය පුදකිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා.”

‘Build for Life’ යන තේමාව මුල්කරගනිමින් ක්‍රියාත්මක වන INSEE සිමෙන්ති සමාගම, නවෝත්පාදනයන් සඳහා මෙන් ම තිරසාර හා හරිත ඉදිකිරීම් සඳහා ද මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය යොමු කරන ආයතනයකි. එම ආයතනය නිෂ්පාදනය කරන සංස්ථා සිමෙන්ති, සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්තිවලට සමානව හෝ ඊට වඩා වැඩි සම්පීඩ්‍යතා ශක්තියකින් යුතුව නිපදවන අතර, එය පූර්ණ පරිසර හිතකාමී සහ සුපිරි මිශ්‍රිත සිමෙන්ති නිෂ්පාදනයක් ලෙස හඳුන්වා දිය හැකිය. මහාපරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘතියක් වන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය විශේෂිත සිමෙන්ති ප්‍රභේදය සාදා සකස්කර සැපයීම සඳහා එම සමාගම INSEE සිමෙන්ති සමාගම තෝරාගත් අතර, ඒ සඳහා INSEE සිමෙන්ති සමාගම ලබාදුන් කොන්ක්‍රීට් නිෂ්පාදනය අධික ලවණ සහ සාගර තත්ත්වයන් යටතේ වසර 100කට ආසන්න කාලයක් පවතින බව පර්‍යේෂණ මගින් සහතික කර ඇත.
INSEE සිමෙන්ති සමාගමේ ප්‍රධාන ශක්තියක් ලෙස අනෙකුත් ආයතන සමග සහයෝගයෙන් කටයුතු කිරීම දැක්විය හැකි බවත්, තම සමාගමට මෙම ඇගයීම හිමිවීමට එය ප්‍රබල ලෙස හේතු වූ බවත් කුනිග් මහතා තවදුරටත් අදහස් දක්වමින් පැහැදිලි කළේය.

“අපි ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ වගේ ම ඉන් බාහිරවත් මේ වගේ ඉහළ ගෞරවයකට පාත්‍ර වීමට ප්‍රධාන හේතුවක් විදියට මම දකින්නේ සැමවිටම අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කිරීමයි. අපි සැමවිටම බෙදාගැනීමට කැමති ආයතනයක්. සහයෝගීතාවය නිරන්තරයෙන් ජයග්‍රහණය කරන බව විශ්වාස කරන නිසා ම අපි දැනුම, ප්‍රවීණත්වය සහ ජයග්‍රහණ යන සියල්ලක් ම, අපගේ තරඟකරුවන් ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සියලු ම සාමාජිකයින් සමඟ බෙදා ගැනීමට කටයුතු කරනවා. මෙහි දී අපගේ ප්‍රයත්නයන් සහ වටිනාකම් සියලුම දෙනාට දැකගැනීමට හැකියාව ලැබෙනවා. ඊට අමතරව අපගේ විවෘත ඉගෙනුම් සංස්කෘතිය සහ නවෝත්පාදනයන් වගේ ම රජය වැනි අනෙකුත් පාර්ශ්වකරුවන් සමග එක් වෙලා ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම සඳහා කැපවීම ආදී කරුණු නිසා ස්වාභාවිකවම අපට අන්‍යෝන්‍ය ආයතනික ගෞරවය සහ සහයෝගය ලැබෙන බව පැවසුවොත් නිවැරදියි. ඒ වගේ ම සහයෝගීතාව සඳහා සැමදෙනාටම විවෘත විශිෂ්ටත්වයේ මධ්‍යස්ථානය වන INSEE i2i නවෝත්පාදන අවකාශය අප සමාගමේ සදාචාරාත්මක වටිනාකම් මනාව පිළිබිඹු කරනවා.

INSEE සිමෙන්ති නොහොත් සියම් සිටි සිමෙන්ති (ලංකා) ලිමිටඩ් ආයතනය 1969 දී තායිලන්තයේ ආරම්භ කරන ලද අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයෙකු වන Siam City Cement Public Company Limited හි සාමාජිකයෙකි. එමෙන් ම INSEE සමාගම විසින් සංස්ථා, මහවැලි මෙරීන්, මහවැලි මෙරීන් ප්ලස්, INSEE Rapid Flow, INSEE Rapid Flow Plus සහ INSEE Extra cement යන නිෂ්පාදන INSEE සන්නාමය යටතේ මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙනු ලබයි. ශ්‍රී ලංකාවේ හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBSL) වෙතින් ‘හරිත සහතිකය’ හිමිකරගත් ප්‍රථම සිමෙන්ති නිෂ්පාදනය වන INSEE සිමෙන්ති ශ්‍රී ලංකාවේ එකම පූර්ණ සිමෙන්ති නිෂ්පාදකයා ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *