ඉන්දියාව ගුවන් යානා නිෂ්පාදනය කර සේවා සැපයීමට සැරසෙයි

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවේ නිෂ්පාදිත ගුවන් යානයක සේවය ලබා ගැනීමට ඉදිරි මාස 4 තුළදී හැකිවන බව වන බව India News Network වාර්තා කරයි.

බැංගලෝරයේ පිහිටි ජාතික අභ්‍යවකාශ විද්‍යාගාරය (National Aerospace Laboratories) යටතේ ඇති විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ කවුන්සිලය (Council of Scientific and Industrial Researches) මගින් “හන්සා” නමින් නම් නව පරපුරේ ගුවන් යානයක් නිශ්පාදනය කොට එහි සිය මංගල ගුවන් ගමන සාර්ථකව සිදු කර ඇත. එම ගුවන් යානය බැංගලෝරයේ පිහිටි හල් (HAL) ගුවන් තොටුපලේ සිට සැප්තැම්බර් මස 03 වන දින (සිකුරාදා) පස්වරු 2.09 ට ගුවන් ගත වී අඩි 4,000 ක උන්නතාංශයක පියාසර කළ අතර විනාඩි 20 කට පමණ පසු ගොඩබෑමට පෙර නොට් Knot 80 ක වේගයක් ලබා ගත් බව එහි සඳහන් වේ.

එම ගුවන් යානයේ විශේෂාංග ලෙස ඉන්දියාවේ විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යාංශය සඳහන් කළේ එහි ඉතා කාර්යක්‍ෂම ඩිජිටල් පාලිත එන්ජිමක්, කැබින් පහසුකම සහිත වීදුරු නියමු කුටියක්, විදුලි බලයෙන් ක්‍රියාත්මක වන ෆ්ලැප් (Flap), දිගු විඳදරාගැනීම (Long Endurance), අඩු අත්පත් කර ගැනීම (Low acquisition) සහ අඩු මෙහෙයුම් පිරිවැය (Low operating cost) යන පහසුකම් ඇති බවයි.

තවද, එම ගුවන් යානයේ ඉහත සදහන් සුවිශේෂී ලක්‍ෂණ හේතුවෙන් කවුන්සිලය් වෙත විවිධ පියාඹන සමාජ (Flying Clubs) වලින් අරාධනා ලිපි 72 ක් ලැබී ඇති බවද, එම ගුවන් යානය සේවයට ඇතුළත් කිරීම සදහා ඉදිරි මාස 4 තුළ අදාල සහතිකය ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව කරන බව අමාත්‍යාංශය පවසයි.

මෙම ගුවන් යානයේ පර්යේෂණ ගමන සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් (DG-CA), මිලිටරි ගුවන් යෝග්‍යතාවය සහ සහතික කිරීමේ මධ්‍යස්ථානය (CEMILAC), කවුන්සිලයේ හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් විසින් දුරස්ථ පාලනයෙන් අධීක්ෂණය කරන ලදී.එහිදී ගුවන් යානය පියාසර කළ කපිතාන් අමිත් දහියා (Capt. Amith Dahiya) සිය සතුට පළ කර ඇති අතර ගුවන් ගමනේ ප්‍රමිතීන් සියල්ල සාමාන්‍ය පරිදි පැවති සදහන් කර ඇත.

මෙම ගුවන් යානයේ සාර්තක පියාසැරිය වෙනුවෙන් විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ දෙපාර්තමේන්තුව (Department of Scientific and Industrial Research) හි ලේකම් සහ විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ සභාවේ(Council of Scientific and Industrial Research) හි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂෙඛර් සී මැන්ඩේ (Dr. Shekhar C Mande) ජාතික අභ්‍යවකාශ විද්‍යාගාරයෙ හි කණ්ඩායමට සුබ පැතුම් එක් කරමින් කියා සිටියේ එම සාර්ථකත්වයට හේතු වී ඇත්තේ විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ කවුන්සිලයත්, ගුවන් පරීක්‍ෂණ කාර්ය මණ්ඩලයත්, සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂක ජනරාල්(Directorate General of Civil Aviation) සහ ගුවන් යානා සහ පද්ධති පරීක්‍ෂා කිරීමේ ස්ථාපිත කිරීම අංශයේත්(Aircraft and Systems Testing Establishment) උත්සාහය නිසා බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම ගුවන් යානයේ සේවා සැපයීම වෙනුවෙන් විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ කවුන්සිලය දැනටමත් පෞද්ගලික හවුල්කරුවෙකු හඳුනාගෙන ඇති අතර නිෂ්පාදන වැඩසටහන් මාලාවක් ඉදිරියේදී ආරම්භ කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *