තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මිලදී ගත් අමෙරිකාවේ නිෂ්පාදිත තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (13) අළුයම දිවයිනට රැගෙන විත් තිබේ.

ඒ අනුව ෆයිසර් එන්නත් මාත්‍රා 73,710ක් මෙරටට ගෙනවිත් ඇත.

එසේම ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් ස්පුට්නික් වී එන්නත් මාත්‍රා 120,000ක් සහ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්‍ෂ 40ක් මේ සතියේ දී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ලබන සතියේ සිට ෆයිසර් එන්නත ලබා දීමට පියවර ගන්නා බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *