අජිත් කබ්රාල් මහ බැංකු අධිපති ධුරයට

(කොළඹ, ලංකාපුවත්) –හෙට (15) සිට බලපැවැත්වෙන පරිදි මහ බැංකුවේ නව අධිපතිවරයා වශයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර තිබේ.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස ඒ අනුව හෙට (15) සිට වැඩ භාර ගැනීමට නියමිතය.

ප්‍රවීණ වරලත් ගණකාධිකාරීවරයෙකු වන ඒ මහතා මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයෙකු මෙන්ම වසර 09කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධූරය ද හොබවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *