SLT-MOBITEL වෙතින් කෑගල්ල මහ රෝහල වෙතද HDU ඇඳන් පරිත්‍යාගයක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, COVID-19 මර්දනය කිරීමේ ජාතික සටනට උරදීමේ තවත් පියවරක් වශයෙන්, කෑගල්ල මහ රෝහලට HDU ඇඳන් පරිත්‍යාගයක් සිදුකිරීමට පසුගියදා කටයුතු කළේ ය.

COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගැනීමට නියමිත මෙම ඇඳන් කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය වයි. එම්. එම්. ප්‍රියංගනී මහත්මිය වෙත භාරදෙන ලදි. දැඩි සත්කාර අවශ්‍ය වන COVID-19 රෝගීන් සඳහා වෙන්කර ඇති, කෑගල්ල මහ රෝහලේ 13 වන වාට්ටුවට මෙම ඇඳන් ලබාදෙන බව අධ්‍යක්ෂ තුමිය පැවසුවා ය.

SLT-MOBITEL ක්‍රියාවට නංවා ඇති ‘සබැඳියාවේ සත්කාරය’ ප්‍රජා සත්කාර වැඩසටහන යටතේ මෙම පරිත්‍යාගය සිදුකර තිබේ. මීට අමතරව ‘දාන පාරමිතා’ වැඩසටහනට සමස්ත ශ්‍රී ලංකාවාසීන් වෙතින් ලැබුණු දායකත්වය වෙනුවෙන්ද SLT-MOBITEL සිය කෘතඥතාව පළකර සිටී. ‘දාන පාරමිතා’ වැඩසටහන ක්‍රියාත්මක කරන ලද්දේ, COVID-19 රෝග ව්‍යාප්තිය නිසා බලපෑමට ලක්වූ පවුල් වල සහන සැලසීම සඳහා මහජනතාවගේ දායකත්වය ලබාගැනීමේ පදනමක් වශයෙනි.

SLT-MOBITEL නිලධාරීන් විසින් කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය වයි. එම්. එම්. ප්‍රියංගනී මහත්මිය වෙත HDU ඇඳන් භාරදෙන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *