ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි සමුළුව ශ්‍රී ලංකාවේදී

(කොළඹ, ලංකාපුවත්) – ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

ලබන වසරේ මැයි මස 2 දා සිට 5 දා දක්වා සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට අදාළ අවබෝධතා ගිවිසුම මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේදී 29 දා අත්සන් තැබිණි.

ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි දකුණු ආසියානු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කෙන්චි යොකොහාමා සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහත්වරු එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.

මේ සමුළුව සඳහා‍ සාමාජික රටවල නියෝජිතයන් 3000ත් 5000ත් අතර පිරිසක් සහභාගි වීමට නියමිත අතර, ඊට මුදල් ඇමැතිවරු, මහ බැංකු අධිපතිවරු අන්තර්ජාතික බැංකු නියෝජිතවරු, සමාගම් විධායක නිලධාරීහු සහ මාධ්‍යවේදීහු ඇතුළත් වෙති.

මෙවර සමුළුවේ තේමාව ‘පශ්චාත් කොවිඩ් – 19 ලෝකය සඳහා දේශගුණික විපර්යාසයන්ට අනුගත හරිත ආර්ථිකයක් ස්ථානගත කිරීම‘ වන අතර, සමුළුව පැවැත්වෙන කාලය තුළ ද්විපාර්ශ්වික රැස්වීම්, කොට්ඨාස රැස්වීම් හා උප කලාපීය රැස්වීම් ද පැවැත් වීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *