කොරෝනා ආසාදිතයින්ට ගඳ සුවද නැතිවීමට අදාළව ප්‍රතිකාරයක්

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා ආසදනය වූ පුද්ගලයන්ට ගඳ සුවද දැනීම නැතිවී යාම හෝ එම සන්නිවේදනය තුළ ඇතිවන වෙනස්කම් පිළිබඳව බ්‍රිතාන්‍ය පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර ඇත.

එහිදී ගඳ සුවද නැතිවීමට අදාළව ප්‍රතිකාරයක් සොයාගැනීමට අදාළ පර්යේෂන කණ්ඩායම සමත්ව තිබේ. මේ සදහා විටමින් ‘ඒ’ සංයුතිය ලබාදීම ප්‍රතිකර්මයක් ලෙස සිදු කළ හැකි බව සදහන්වේ.

පුද්ගලයින්ගේ දැනීම් යළි වර්ධනය කරගැනීමට මෙමගින් හැකියාව ලැබෙන බවද ඔවුන් පෙන්වා දෙයි. බ්‍රිතාන්‍යයේ නැගෙනහිර ඇන්ග්ලියා විශ්වවිද්‍යාලය විසින් මේ සම්බන්ධයෙන් සති 12ක කාලයක් අත්හදා බැලීම් සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *