සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ ණයවලට සහනයක්

(කොළඹ, ලංකාපුවත්) – මේ වන විට ශ්‍රී ලංකාව සතුව අමෙරිකානු ඩොලර් බිලියන 05 ක විදේශ සංචිත පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඒ, ඉදිරි මාස 06 සඳහා වන ආර්ථික දැක්ම අද ඉදිරිපත් කරමින්ය.

එහිදී මහ බැංකු අධිපතිවරයා පැවසුවේ සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ පැරණි ණය සහ ණය පොළිය සඳහා සහනයක් ලබාදීමට සූදානම් බවයි. ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් මිලියන 15 මුදලක් වෙන් කර ඇතැයිද මෙහිදී ප්‍රකාශ කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *