(කොළඹ, ලංකාපුවත්) –දරුවන් සම්බන්ධ නඩු කටයුතු ඔවුන් වෙනුවෙන් විශේෂයෙන් සකසන ලද අධිකරණයන් තුළ ඉතා කඩිනමින් අවසන් කරමින් එම දරුවන්ගේ අනාගතය අගතිදායී නොවන ආකාරයට අධිකරණමය කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.
ලෝක ළමාදිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.
අධිකරණ අමාත්‍යවරයා විසින් ලෝක ළමා දිනය (01) වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන ලද්දේ දරුවන් අනාගත නායකයන්ය යන පදනම මත ඔවුන් වෙනුවෙන් සෘජුවම බලපාන කරුනු සම්බන්ධව නීතිය හා ඊට අනුබද්ධ සියලු පාර්ශවයන් සමඟ එකතු වී නීති හා අණපනත් සංශෝධනය කිරීම, නව නීති හදුන්වා දීම සහ කාර්යක්ෂමතා ප්‍රතිපත්ති රාමුවක් සැකසීමට බලාපොරොත්තු වන බවත් ය. එමඟින් දරුවන් වඩාත් ආරක්ෂිතව මතුදිනක සමාජයට මුහුණ දියහැකි මෙන්ම සමාජයට වැඩදායී පුරවැසියන් වශයෙන් දායාද කිරීම උදෙසා බිහිකිරීම සඳහා සමාජයට හා රජයට ඇති වගකීම වෙනුවෙන් කැපවන බවත් සදහන් කෙරේ.
එමෙන්ම දරුවන් සම්බන්ධ නඩු කටයුතු ඔවුන් වෙනුවෙන් විශේෂයෙන් සකසන ලද අධිකරණයන් තුළ ඉතා කඩිනමින් අවසන් කරමින් එම දරුවන්ගේ අනාගතය අගතිදායී නොවන ආකාරයට අධිකරණමය කටයුතු සිදු කිරීමටත්, මත්ද්‍රව්‍ය වැනි අපරාධ වැරදි වලට සම්බන්ධ වී ඇති දරුවන් දඩුවම් ලබාදී සමාජයට මුදා හැරීම වෙනුවට ප්‍රජා විශෝධන හා පුනරුත්ථාපන ක්‍රමවේදයන් තුළින් නැවත වතාවත් ඔවුන්ට යහපත් ආකාරයට සමාජගත කිරීම උදෙසා වන සැලසුම් ක්‍රියාත්මක කර ඇති බවත්ය.
තවද, විවාහ වීමේ අවම වයස අවුරුදු 18 දක්වා වැඩිකිරීමට අවශ්‍ය ඇතැම් නීති සංශෝධනය කිරීමටත්, නව නීති හදුන්වා දීමටත් අවශ්‍ය පියවරයන් මේවන විටත් සිදු කෙරෙමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.