කොවිඩ් ආසාදිතයන්ට මරණ අවධානම අඩුකරන කැප්සූලයක්

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් – 19 වෛරස් ආසාදිතයන් සඳහා ඖෂධයක් අමෙරිකානු වෛද්‍ය ආයතනයක් හඳුන්වා දී තිබේ.

මෝල්නුපිරවිර් ලෙස හැදින්වෙන කැප්සූලයක් වන මෙම ඖෂධය කොරෝනා වෛරසයෙන් දැඩි රෝගාබාධ ඇතිවීම හා මරණ අවධානම 50%කින් අඩු කරනු ඇතැයි අනාවරණය කර ගෙන ඇත.

ඒ බව සායනික අත්හදා බැලීම්වලින් ද සනාථ කර තිබේ.

වෛරසයෙන් ඇති කරන අතුරු ආබාධ සඳහා යොදාගන්නා ඖෂධ හැරෙන්නට එය වෛරසය මර්ධනය කළ හැකි ඖෂධයක් මීට පෙර නොතිබූ අතර එය අමෙරිකාවේ හදිසි භාවිතය සඳහා අවසර ද ලබා ගැනීමට ක්‍රියා කර ඇති බව වාර්තා වේ.

කොරෝනා වයිරසයට එරෙහිව සොයා ගත් පළමු මුඛ ප්‍රතිවෛරස කැප්සූලය ලෙස ද මෙය හැදින්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *