(කොළඹ, ලංකාපුවත්) – ඔක්තෝම්බර් 1 වනදාට යෙදුනු ලෝක ළමා දිනය සැමරීමත්, පවතින කොරෝනා වෛරසය ආසාධිතව ප්‍රතිකාර ලබන ළමුන් සදහා වෛද්‍ය පහසුකම් ඉහළ නැංවීමේ අරමුණත් පෙරදැරිකොටගෙන ජාතික යොවුන් සේනාංකයේ සභාපති කර්නල් දර්ශන රත්නායක මහතා විසින් රු. මිලියනයකට අධික මුදලක් ළමා රෝග විශේෂඥවරුන්ගේ විද්‍යායතනයේ කෝවිඩ් අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කිරීම ඊයේ (01) සිදුවිය.
ජාතික යොවුන් සේනාංකයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ දෛනික වැටුපක් මේ සදහා දායක කර ගෙන ඇත.
“පරිත්‍යාග කරන ලද මුදලින් IDH රෝහලේ ළමා රෝග විශේෂඥ වාට්ටුවේ අධිසත්කාර ඒකකය ගොඩනැගීම හා එහි පහසුකම් වැඩි කරමින් ළමුන්ගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කරන බව” මෙම පරිත්‍යාග මුදල භාර ගනිමින් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති සහ කොවිඩ් 19 ආසාධිත දරුවන් සම්බන්ධ ජාතික වැඩසටහනේ පුරෝගාමී විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ශ්‍යාමන් රජින්ද්‍රන් මහතා පැවසීය.