තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තුන් ලක්ෂ හාරදහසක තොගයක් අද(04) අළුයම මෙරටට රැගෙන එනු ලැබීය. රජය විසින් ඇණවුම් කර තිබූ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ හතලිහෙන් කොටසක් ලෙස මෙම තොගය රැගෙන විත් ඇත.

මේ අතර එන්නත්කරණ වැඩසටහන රට පුරා සාර්ථකව සිදු වන අතර ඊයේ(03) දිනයේ දී එන්නත් මාත්‍රා 13431ක් ලබා දි තිබේ.

කිසියම් හෝ එන්නතක එක් මාත්‍රාවක් හෝ මේ වනවිට ලබා ගෙන ඇති සංඛ්‍යාව 14570141කි. මාත්‍රා දෙකම ලබාගෙන ඇති සංඛ්‍යාව 11853825ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *