නවීන තාක්ෂණයෙන් කෘෂිකර්ම ගොවිපල දියුණු කීරීමට පියවර ගැනේ

(කොළඹ, ලංකාපුවත්) –කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති ගොවිපල 27ක් උසස් තාක්ෂණය යොදා ගනිමින් දියුණු තත්ත්වයට පත් කීරිමට පියවර ගෙන තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් අනුව මෙම පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා සඳහන් කළේය.

නවීන තාක්ෂණය යොදා ගනිමින් ලෝකයේ දියුණු ගොවිපල මට්ටමට මෙරට ගොවිපල සංවර්ධනය කීරිම මෙහි අරමුණය. වසර 2023 වන විට මෙම අරමුණ සපුරා ගැනිමටද අපේක්ෂිතය. ඉකුත්දා ගොවිපල කළමනාකරුවන් හා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ගන්නොරුව තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේදි හමු වී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *