PANDORA ගනුදෙනුවල නම් සඳහන් ශ්‍රී ලාංකිකයින් ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි ජනපතිගෙන් නියෝග

(කොළඹ, ලංකාපුවත්) –පසුගියදා ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ Pandora පේපර්ස් නමින් ප්‍රකට වුණු වත්කම් සටහන්වල නම සඳහන් ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා මසක් ඇතුළත වාර්තාව ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද(06) උදෑසන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයාට නියෝග කර ඇත.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *