ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පතට කථානායක අත්සන තබයි

(කොළඹ, ලංකාපුවත්) –ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (08) පෙරවරුවේ සිය සහතිකය සටහන් කළේය.

ඉකුත් 06 වැනිදා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු අතර ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

මෙම කෙටුම්පත ඛනිජතෙල් සංවර්ධන අධිකාරිය පිහිටවීම, උද්ගාමී ඛනිජතෙල් කර්මාන්තය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම, ශ්‍රී ලංකාවේ නවීන ගවේෂණ, සංවර්ධන, නිෂ්පාදන සහ කළමනාකරණ පරිචයන් තුළින් දේශීය ඛණිජතෙල් සම්පත්වල උපරිම ආර්ථික වටිනාකම ලබාගැනීම හා ඊට සම්බන්ධ අනුෂාංගික කාරණා සඳහා විධි විධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පතකි.

ඒ අනුව මෙම 2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනත අද සිට බලාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *