අද සිට ක්‍රියාත්මක නව කිරිපිටි මිල ගණන්

(කොළඹ, ලංකාපුවත්) –ආනයනික කිරිපිටි මිල ගණන් සම්බන්ධයෙන් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අවසන් තීරණයකට එළඹ තිබේ.

කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 250කින් ද ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 100කින් ද මිල ඉහළ නංවා ඇති බව කිරිපිටි ආනයනකරුවන් පවසයි.

ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 1,195ක් ලෙසත් ග්‍රෑම් 400 ක පැකට්ටුවක නව මිල රුපියල් 480ක් ලෙසත් දැක්වේ.

අද(09) සිට ක්‍රියාත්මකවන පරිදි මෙම නව කිරිපිටි මිල ගණන් සංශෝධනය කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *