යුද හමුදාවේ 10,000කට අධික නිලයන්ට උසස්වීම්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා යුද හමුදාවේ 72වන සංවත්සරය අද(10) සැමරේ.

රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව එය සැමරීමට කටයුතු යොදා ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

මේ අතර යුද හමුදාපතිවරයාගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශ මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින්72 වන සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ 567 ක් සහ සෙසු නිලයන් 10,369 ක් උසස් කර ඇත.

ඒ අනුව, ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් 8 දෙනෙකු මේජර් ජෙනරාල් තනතුරට, කර්නල්වරුන් 17 දෙනෙකු බ්‍රිගේඩියර්, ලුතිනන් කර්නල්වරුන් 42 ක් කර්නල් තනතුරට, මේජර්වරුන් 60 ක් ලුතිනන් කර්නල් දක්වා, 256 කපිතාන්වරුන් මේජර්, 10 දක්වා උසස් කර ඇත. ලුතිනන්වරුන් කපිතාන් තනතුරටත්, 2 වන ලුතිනන්වරුන් 152 ක් ලුතිනන් නිලයටත්, පරිවාස නිලධාරින් 22 ක් ලුතිනන් තනතුරටත් (QM) පත් කර තිබේ.

2019 අගෝස්තු 18 වන දින ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත් වීමෙන් පසු වාර්තාගත ලෙස නිලධාරීන් 3,873 ක් උසස් කිරීම් සහ සෙසු නිලයන් සඳහා 78,707 ක් උසස්වීම් ලබා දී ඇති බව යුද හමුදාව සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *